රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා


රුපියල් මිලියන 50 කට අධික වටිනාකමක් ඇති  පර්චස් 31.5ක වපසරියක් සහිත බලපිටිය කන්දෙගොඩ පිහිටි සිය තෙමහල් නිවස  බලපිටිය මුහන්දිරම් ඩී.එෆ්.පෙරේරා අභයසිරිවර්ධන වැඩිහිටි නිවාසයට  පරිතයාග කිරීමට බලපිටිය සරත්චන්ද්‍ර ද සිල්වා මහතා පියවර ගත්තේය.

වැඩිහිටි නිවාසයේ පවතින නේවාසිකයින්ගේ තදබදය මෙම පරිතයාග කිරීමෙන් පසු විසදෙනු ඇතැයි වැඩිහිටි නිවාස සමිතියේ සභාපති එන්.අනුර ද සිල්වා මහතා කීය.

සරත්චන්ද්‍ර මහතා සිය තෙමහල් නිවස සහ ඉඩමට අදාල ඔප්පුව එම වැඩිහිටි නිවාස සමිතිය සභාපතිවරයා වෙත ඊයේ (18)  බලපිටිය වැඩිහිටි නිවාසයේදී  සිදු කෙරුණි.

 

 



Recommended Articles